කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුට එන්නතක් ලබාදෙන අතරතුරදී මියගොස් තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේ, අසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගියේද යන්න තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවයි.
එතෙක් අදාළ එන්නත රෝගීන්ට ලබාදීම අත්හිටුවා තිබෙනවා.
අදාළ රෝගියා කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනිමට වරකාපොළ රෝහලට ඇතුළත්ව සිට ඇති අතර පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.
50 හැවිරිදි එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කැපුම් තුවාල සුවවීම සඳහා “කෝ-ඇමොක්සි-ක්ලොව්” නම් ප්‍රතිජීවික එන්නත ලබාදීමෙන් පසු රෝගියා මියගිය බවයි වාර්තා වන්නේ.
අදාළ ප්‍රතිජීවික එන්නත වාට්ටුවේ සිටි තවත් රෝගීන් කිහිපදෙනෙකුට ලබාදී ඇති අතර (25) දිනයේදී පමණක් එම එන්නතෙන් රෝගීන් 32ක් සඳහා ලබාදුන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසුරිය පැවසුවා.
“කෝ-ඇමොක්සි-ක්ලොව්” නමැති මෙම ප්‍රතිජීවක එන්නත දේශියව නිශ්පාදනය කරන අතර එම ඖෂධයට ජාතික ඖෂධ නියාමනය අධිකාරියේ අනුමැතිය ද ලැබි ඇති බව සඳහන්.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම එන්නත කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඇති අතර මියගිය රෝගියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිත බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…