Local

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවිකාවගේ මරණය ඝාතනයක් – ඝාතනයට වැලිකඩ පොලිසිය සම්බන්ධයි !

ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවකගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් පහර දී බව ඊයේ (25) අධිකරණයේ දී අනාවරණය විය. ඒ අනුව එම කාන්තාව සොරකමක් කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුළු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ ආර්.රාජ්කුමාරි නමැති 41 හැවිරිදි තිදරු මවකි.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිදරව් වී ඇත්තේ මොට ආයුධයකින් පරහදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් එම කාන්තාව මියගොස් ඇති බවයි.

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි චෝදනා කරමින් එම කාන්තාව වැලිකඩ පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය තුළ දී පහරදීම හේතුවෙන් අසාධ්‍ය වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි.

එම කාන්තාවට පහරදීම සඳහා වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් භාවිතා කළ බව පවසන වතුර බට කැබැල්ලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago