Foreign

BRICS කණ්ඩායම තර වෙයි – රටවල් 6කට එකතු වීමට ආරාධනා !

නැගී එන ලොව ඉහළම ආර්ථිකයන්හි BRICS සමූහය, තවත් රටවල් හයකට නව සාමාජිකයින් ලෙස එක්වීමට ආරාධනා කර තිබෙනවා.

ඒ එහි ප්‍රවේශය සහ බලපෑම පුළුල් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙසයි.

ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට පූර්ණ සාමාජිකයන් ලෙස එක්වන ලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සමඟ 2009 දී පිහිටුවන ලද මෙම කණ්ඩායම 2010 දී දකුණු අප්‍රිකාව පිළිගැනීමට පියවර ගත්තා.

මෙලෙස නව සාමාජිකයන් පත් කර ගැනීම තුළින් ලෝක ගෝලීය දකුණේ අවශ්‍යතා වඩා හොඳින් ලෝකයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ ශක්තිමත් සභාගයක් වර්ධනය කිරීමට උත්සාහ කරන බව BRICS සාමාජිකයන් පවසනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago