Local

හපුතලේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ තොරතුරු හෙළිවෙයි – පැය 24ම පොලිස් ආරක්ෂාව දෙන්නැයි අධිකරණය නියෝග කරලා !

හපුතලේ හෝටලයක් තුළ ඊයේ (22) රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් මිනිස් ඝාතන නඩුවක සාක්ෂිකරුවකු මියගොස් හෝටලයේ හිමිකරු තුවාල ලබා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඝාතනය වූ පුද්ගලයා එම හෝලටයේ වසර එකහාමාරක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින අයෙක් බවත් ඔහු ගන්දර පදිංචිකරුවෙක් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම පුද්ගලයා විසින් ලබාදුන් සාක්ෂියක් මත මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙක් බන්ධනාගාරගතව සිටින බවත් එම සාක්ෂිය ලබාදීම හේතුවෙන් ඔහුට මරණීය තර්ජන එල්ලවී තිබී ඇති බවත් පොලිසිය කියයි.

ඒ නිසාම වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ඔහුට පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසියට නියෝගයක්ද කර තිබී ඇත.

ඒ අනුව ඔහු ගන්දර රැඳී සිටින කාලය තුළ පැය 24 පුරාම පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගන්දර රැඳී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වූ බැවින් ඔහු සැඟවුණු ජීවිතයක් පසුගිය කාලය පුරාවට ගතකර ඇති බවද එම නිලධාරියා කීය. දෙවුන්දර පෙරහර උත්සවය පැවැති දින කිහිපය තුළ මෙම පුද්ලයා නැවතත් ගන්දරට පැමිණ සිටි බවත් ඔහු දින තුනක් ගන්දර රැඳී සිටි බවත් එම නිලධාරියා පැවසීය.

එසේ රැඳී සිටීම ජීවිතයට තර්ජනයක් බව පොලිසිය ඔහුට පැවසීම හේතුවෙන් එම පුද්ගලයා ගන්දරින් නැවතත් පිටත්ව ගිය බවත් ඔහු රැඳී සිටි කාලය තුළ පැය 24 පුරාම ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය වගබලාගත් බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පුද්ගලයා ජීවිත තර්ජනය හේතුවෙන් ගන්දරින් ඈත්ව හපුතලේ කොළඹ පාරේ පිහිටි හෝටලයක සේවකයෙක් ලෙස රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

සිව් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් හෝටලයට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් පිස්තෝලයකින් වෙඩි තබා තිබෙන බවත් පොලිසිය කියයි.

ආරක්ෂක කැමරා දර්ශන (CCTV දර්ශන) ඔස්සේ වෙඩික්කරු සහ ඔහු සමඟ පැමිණි පිරිස සහ ඔවුන් පැමිණි වාහන ඊයේ රාත්‍රීය වන විට හඳුනාගැනීමට පොලිසිය දැඩි වෙහෙසක් ගනිමින් සිටියේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago