සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී ඇති බවට පල වන විවිධ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන හෙන්රි ඔලොන්ගා පවසනවා. X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ හීත් ස්ට්‍රික් ජීවතුන් අතර සිටින බවයි.
ඔහු හා හීත් ස්ට්‍රික් අතර සිදු වූ WhatsApp පණිවිඩ හුවමාරුවක් ද ඔහු සාක්ෂි වශයෙන් X සටහනට එක් කර තිබෙනවා
කෙසේ වෙතත්, මීට පෙර හීත් ස්ට්‍රික් මියගොස් ඇති බව ද Henry Olonga විසින් සිය X ගිිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.
“Sad news coming through that Heath Streak has crossed to the other side. RIP @ZimCricketv legend. The greatest all-rounder we produced. It was a pleasure playing with you. See you on the other side when my bowling spell comes to an end,”
මේ වන විට හීත් ස්ට්‍රික් ද මෙම අසත්‍ය පුවත පිළිබද අදහස් දක්වමින් සිය කනගාටුව පල කර තිබෙනවා.
It’s a total rumour & lie – I am alive & well, I am very upset to learn that something as big as someone apparently passing can be spread unverified especially in our day & age – I believe the source should apologies, I am hurt by the news
යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…