හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ ඥාති සොහොයුරෙකු වන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රොෂාන් අබේගුණවර්ධන ගේ නිවස හොරු කඩා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මසක් තුල නිවස හොරු කැඩූ දෙවන අවස්ථාවද මෙය බව සදහන් වන අතර , අමාත්‍යවරයාද එහි පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.
නිවසේ පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී ඇති කිසියම් පුද්ගලයකු එහි තිබූ රන්භාණ්ඩ සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක්ද සොරගෙන ගොස් ඇති බව සදහන්වේ.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, කිසිදු හෝඩුවාවක් සටහන්ව නැති බවත් සැකකරුවන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…