Education

පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිගේ “ශාස්ත්‍රීය භාෂාවෙන්” මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමතයි (හඬ පට සහිතයි)

පේරාදෙණිය විශ්වවවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දුට නින්දා සහගත ලෙස බැණ වැදී ඔහුගේ අවයව තලන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක කරන තර්ජනයක් සහිත හඬ පටයක් වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

විශ්විද්‍යාල ආචාර්යවරයෙකුට කිසිසේත් නුසුදුසු වහරකින් මැරයෙක් සේ බැණ වදින ප්‍රභාත් ඒකනායක බැණ වදින්නේ “ තෝ එළියෙදි හම්බවෙයන්… ඇට දෙක තලාගන්න ද දඟලන්නේ… තෝ කිව්වෙ ගෝඨා පන්නපු විදිහට මාත් පන්නවා කියලා. පුලුවන්නම් පන්නල පෙන්නපන් බල්ලා” ලෙසය.

ශිෂ්‍ය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කතා කිරීමට ශාස්ත්‍ර පීඨ සභාපතිවරයාට දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ නින්දා සහගත පහත් ආකාරයෙන් බැණ වැදුණු පීඨාධිපතිවරයා තමන්ට කළ තර්ජනය සම්බන්ධව පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් කළ බව ද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් සිදුකළ යුතු බව දන්වමින් සිසුන් පිරිසක් අද (16) සානාථන මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

බැණ තර්ජනය කිරීම පිළිබඳ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති නමුත් විශ්වවිද්‍යාල මට්ටමින් කිසිදු පරීක්ෂණයක් මෙතෙක් ආරම්භ කර නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් පවසයි.

Ceylon News Factory

View Comments

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago