කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වනදා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පැවසීය.
ඒ අනුව ලබන 19වන සෙනසුරාදා පෙරවරු 8 සිට 20වන ඉරිදා අලුයම 02 දක්වා ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ ලෙස,
- කොළඹ,
- දෙහිවල ගල්කිස්ස,
- කොට්ටේ සහ කඩුවෙල මහ නගරසභා බලප්‍රදේශවලට,
- මහරගම,
- බොරලැස්ගමුව
- කොළොන්නාව
- කොටිකාවත්ත
- මුල්ලේරියාව යන ප්‍රාදේශීය බලප්‍රදේශවලට
- රත්මලාන
- කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.