කොවිඩ් එන්නත ගන්න එක් පුද්ගලයෙක් පැමිණියත් මාත්‍රා 05ක් ඇති එන්නත් කුප්පියක් විවෘත කරන්න – වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි !

413 Views
1 Min Read

කොවිඩ් මර්දන එන්නතක් වන සයිනෝෆාම් එන්නත එක් පුද්ගලයෙකු සඳහා පමණත් වුවද ලබා දීමට කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය සියලුම එන්නත් මධයස්ථානයන් වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.

එක් එන්නත් කුප්පියකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිය හැකි බැවින් මීට ප්‍රථම එය විවෘත කරනු ලැබුවේ පුද්ගලයින් 5 දෙනෙකු එන්නත් ලබා ගැනීමට පැමිණි පසුව යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ නමුත් මේ වන විට එන්නත් ලබා ගැනීමට එක් පුද්ගලයෙකු පැමිණියද අදාල එන්නත් කුප්පිය විවෘත කර එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

ඉතිරි වී ඇති විශාල එන්නත් තොගයක් ලබන 26 වන දා වනවිට කල් ඉකුත් වන බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ද පැවසේ.

Share This Article
Leave a comment