Cricket

LPL 2023 – ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ Dambulla Aura පළමු ස්ථානය තහවුරු කර ගනියි !

ධනංජය ද සිල්වාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් (B-Love Kandy) බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට (Dambulla Aura) දඹුල්ල අවුරා කණ්ඩායම අද(14) සමත් වුණා.

Dambulla Aura කණ්ඩායම අද තරගය සඳහා කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස්ව විවේක ගන්වා තිබු අතර, ඔහු වෙනුවට නායකත්වයේ වගකීම පැවරුනේ ධනංජය සිල්වා හටයි. එමෙන්ම අද තරගය සඳහා Dambulla Aura කණ්ඩායමේ වෙනස්කම් පහක් සහිතව ඔවුන් පිටියට පිවිසියා. ඔවුන්ගේ සංචිතයේ නවක ක්‍රීඩකයින් වන ලක්ෂාන් එදිරිසිංහ සහ සචිත ජයතිලක අද තරගය සඳහා ඔවුන් නම් කොට තිබුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ෆකාර් සමාන් ලකුණු 8කටත්, මොහමඩ් හැරිස් ලකුණු 2කටත් දැවී ගියා. වනිදු හසරංග පන්දු 11ක් තුල ලකුණු 19යි. ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 15කින් ලකුණු 26ක් රැස් කළා. ඉසුරු උදාන ලකුණු 23යි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 46 කින් ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා පන්දුවාර 2ක් තුළ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 6 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27ක් තුල ලකුණු 41ක්, බෙන් මැක්ඩමට් පන්දු 23කින් ලකුණු 37 ක් හා සධීර සමරවික්‍රම පන්දු 26ක් තුල ලකුණු 31ක් රැස් කළා. හෙයිඩන් කර් පන්දු 16කින් වේගවත් ලකුණු 26ක් රැස්කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මුජීබ් උර් රහමාන් ලකුණු 32 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ වීරයා බවට පත්වුයේ සිය හොඳම T20 පන්දු යැවීම වාර්තා කරමින්, උඩ පන්දු දෙකක් රැකගත් නායක ධනංජය ද සිල්වා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago