Local

Channel Eye නාලිකාව ‘Lyca’ වෙත පැවරීමට බන්දුල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර ප්‍රතික්ෂේප කරයි !

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ (Chennel Eye) නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය අද (14) උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Channel Eye නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව පැවසේ.

එම තත්ත්වය යටතේ, එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රිකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇතැයි ද පැවසේ.

Channel Eye නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ.

ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය.

නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago