Local

අඹ ගෙඩියක් රුපියල් 95000 !

වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95000ක මුදලකට 13 දා අලෙවි වී තිබේ.

මෙම කෝවිලේ විශේෂ දිනවල දී පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලැබූ අතර අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වී ඇති පලමු අවස්ථාව මෙය වෙයි.

මෙසේ වෙන්දේසියේදී මිලට ගනු ලබන පලතුරු ඇතුළු දේ මිලදී ගන්නන් විසින් පාරිභෝජනය නොකරනඅතර ඔවුන් ඒවා සුදු රෙදි කඩක ගැට ගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචි වී සිටින පුද්ගලයෙකි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

13 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

14 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago