Local

නිවසකින් නිරුවත් මළසිරුරක් හමුවෙයි – සිරුරේ කැපුම් තුවාල, ඝාතනයක් බවට සැකයක් !

යාපනයේ කෝපායි ප්‍රදේශයේ නිවසකින් නිරුවත් මළසිරුරක් පොලීසිය විසින් ඊයේ (12) සොයා ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා ගණපතිපිල්ලේ මහේන්ද්‍රන් නමැති අයෙකු බවට හදුනා ගෙන ඇති අතර මළ සිරුරේ බොහෝ ස්ථාන වල කැපුම් සහිත තුවාල තිබීම නිසා මේ මරණය ඝාතනයක් විය හැකි බවට කෝපායී පොලීසිය යාපනය අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිද පොලීසියට පවසා ඇත්තේ තමන් සිද්ධිය වූ දිනයේ ගමේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට දරුවන් සමග පිටත්ව ගිය බවයි.

තමන් එහි සිටියදී පවුලේ ඥාතියෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව නිවසට පැමිණි බවත් එම ඥාතින් තම ස්වාමියාගේ මළ සිරුර සොයාගෙන ඇති බවත්ය.

යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මියගිය අයගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති අතර කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago