Health

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර බිළිඳෙකු බිම වැටී මරුට !

රෝහල් බලධාරින්ගේ නොසැළකිලිමත්කමින් රෝගී ජීවිත අහිමි වූ පුවත් පසුගිය දින කිහිපයේදීම වාර්තා වුණා.

එවන් තවත් සිදුවීමක් අප අසන්නට ලැබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන්.

රෝහල් බලධාරින්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් දරු ප්‍රසූතියකදී බිළිදෙකු බිම වැටී ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවෙකු මියගොස් ඇති බවට එම රෝහලෙන් වාර්තා වුණා.

පසුගිය 10 වනදා රැඹෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි ටී. ඒ. තක්ෂිලා උදයංගනී නැමැති මෙම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා පළමුවෙන් ඇතුළත් කර තිබුණේ කල්ලංචිය රෝහලටයි. පසුව හදිසි තත්ත්වයේ සිටි ඇය පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදීයි මෙම සිදුවීම වී ඇත්තේ.

එහිදී දින තුනක පමණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ බිළිදා අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බිළිදාගේ දෙමාපියන් චෝදනා කරන්නේ රෝහල් බලධාරින්ගේ නොසැළිමත්කම හේතුවෙන් දරු ප්‍රසූතියේදී බිළිඳා එලෙස බිම වැටී ජීවිතක්ෂයට පත්වූ බවයි. මේ පිළිබඳව අප අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙය සති 31 ක් වයසැති බිළිදෙකුගේ නොමේරු දරු ප්‍රසූතියක් බවත් බිළිදා බිම වැටී ඔලුව වැදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර ගම්පහ රෝහලේදී ආසාත්මිකතාවයක් හේතුවෙන් මියගිය රෝගියාට භාවිත කළ සෙෆ්ටසිඩීම් නැමති ප්‍රතිජීවක එන්නත ගම්පහ දිස්ත්‍රික්කය තුල භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් එම එන්නත මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කරන්නේ ද යන්න ඒ සම්බන්ධයෙන් කැඳවූ විශේඥ වාර්තාව ලැබීමෙන් පසුව තීරණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් නිලධාරින්ට නියෝග කර ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago