පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් අද අලුයම ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බවටය.
පිරමීඩ චෝදනා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරන අතරම මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ද පරීක්ෂණයක් ආරම්භ කිරීම යෝග්‍ය බව පවසමින් මීට පෙර මහ බැංකුවෙන් ලිපියක් ද යොමුකර තිබුණි.
එහි දැක්වුණේද මෙම සමාගමේ උසස් නිලධාරීන් විදේශගතවීමේ හැකියාවක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් වළක්වමින් වාරණයක් ලබාගැනීම උචිත බවය.
MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා කතාබහක් නිර්මාණය වී තිබේ.
මහ බැංකුව පවසන්නේ එම සමාගම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු හෙළිවෙමින් ඇති බවය.
එමෙන්ම අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි වී නොමැති බවය.