Foreign

හවායි ලැව්ගින්නෙන් මියගිය පිරිස 53ක් දක්වා ඉහලට – පුද්ගලයින් දහසක් අතුරුදහන් (VIDEO)

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මාවුයි දූපතේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 1,000ක් පමණ අතුරුදහන් වී ඇතැයි ගණන් බලා තිබේ.

හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මහතා පවසන්නේ මෙම ලැව්ගිනි යනු “හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය” වන බවත්ය.

තව ද, ඓතිහාසික මුහුදුබඩ නගරයක් වන ලහයිනා හි 80% ක් විනාශ වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පැතිරුනු ගිනිදැල් හමුවේ ලහයිනා හි සිටි සංචාරකයින්ට මුහුදට පැන පැය ගණනක් ජලයේ ඇවිදීමට සිදුවූ බවද වාර්තා වේ.

මේ වන විට සංචාරකයන් දස දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර, මාවුයි දූපතේ බටහිර ප්‍රදේශයේ පුද්ගලයින් 11,000කට විදුලිය නොමැති බව වාර්තා වේ.

ඩෝරා සුළි කුණාටුවෙන් පසුව අඟහරුවාදා සිට ඇරඹුනු මෙම ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයන් තවමත් අරගල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Ceylon News Factory

Recent Posts

ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහය හමුවෙයි!

අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක්…

6 hours ago

සුළි කුණාටුව තිව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි !

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

8 hours ago

මාතලේ, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරේ !

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…

19 hours ago

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළී 06ක් අතුරුදන් !

පුද්ගලයන් 11 දෙනෙක් රැගත් ට්‍රැක්ටරයක් කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය අසළ පාලමක් මතින් ගමන්…

19 hours ago

උසස් පෙළ දින තුනකට නවතා දමයි !

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට…

24 hours ago

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි !

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…

1 day ago