බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත් කර තිබෙනවා.
එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සහ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සදහන් කළේ.
ආසියානු කුසලාන තරගාවලිය සදහා හා ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද හෙට (12) දිනයේ දී නිවේදනය කරන බව නස්මුල් හසාන් කියා සිටියා.
“තේරීම් කමිටු නිළධාරීන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගනීවි.” යනුවෙන් සභාපතිවරයා මාධ්‍ය හමුවේ සදහන් කළා.
බංග්ලාදේශ එක්දින කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට සිදු වුණේ තමිම් ඉක්බාල් එම ධූරයෙන් ඉවත් වීමට පසුගියදා ගත් තීරණය හේතුවෙන්.
ආබාධයක් හේතුවෙන් තමිම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි වී ඇති නමුත්, නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
ලිටොන් දාස් හා මෙහෙදී හසාන් මිරාස් ද නව නායකත්ව තනතුර සදහා සලකා බැලුණු නමුත්, අවසානයේ දී තීරණය කර ඇත්තේ ශකිබ් අල් හසන් එම තනතුරට යළි පත් කිරීමටයි.
ඔහු එරට ටෙස්ට් හා 20යි 20 කණ්ඩායම්වලද නායකයා ලෙස කටයුතු කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…