හලාවත ,බටහිර ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අවුරුදු නමයක් වයස සිසුවියකගේ සිරුර නිවසේ ලණුවකින් එල්ලෙමින් තිබියදී අද සවස සොයාගත් බව හලාවත මූලස්ථාන පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ සලනි පීරිස් නැමැති දැරියකි. එම බාලවයස් සිසුවියගේ මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා හලාවත මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම දැරියගේ මව වසර දෙකක පමණ කාලයක සිට විදෙස් රැකියාවක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
එම සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ පියා ගෙවත්තේ සිටුවා ඇති මල්වලට වතුර දමමින් සිට ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ සිරුර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…