Local

තම දියණිය මුදලට විකුණු මව පොලිස් දැලේ – එක් පුද්ගලයෙක්ගෙන් රු.2000 බැගින් අරගෙන !

අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයින්ට මුදලට විකුණු එම දැරියගේ අම්මා අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව් දරු මවක් වන සැකකාරිය පුද්ගලයින්ව නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 2000 බැගින්මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවන්හිදී පුද්ගලයින්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය පැමිණෙන එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවලේ යෙදෙන බවට පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බව පොලිසිය කීය.

දැරිය 10 වසරේ ඉගෙනුම ලබන බවත් මව සිදු කරනා එම අසම්මත ක්‍රියාවලිය ඉවසා දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට දැරිය සිද්ධිය පවසා ඇති බව පොලීසිය පැවසීය .

මව විසින් දැරියව මාස කිහිපයක සිට පුද්ගලයින්ට මුදලට විකුණා ඇති බව දැරිය පොලිසියට කළ ප්‍රකාශයෙන් අනාවරණය වී තිබේ .දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියව මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සැකකාර අම්මාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago