Local

බන්ධනාගාර නිලධාරීන් 06කට මාරුවීම් – පාතාලයට සහය දුන් බවට චෝදනා !

අපරාධ කල්ලි සාමාජිකයන්ට සහය ලබාදුන් බවට හඳුනා ගත් මාතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිකුණාමලය ඇතුළු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.

මාතර බන්ධනාගාරයේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත ස්ථාන මාරු වී පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකුට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි සැක කරන දස දෙනෙකුගෙන් පමණ යුත් මැර පිරිසක් පසුගිය දා වැලිගම නගරයේ බස් රථයක් තුළදී පහර දුන් බව කියන සිද්ධියට අදාළව බන්ධනාගාර බුද්ධි අංශය සිදුකළ විමර්ශනයකදී මෙම නිලධාරීන් පස්දෙනා මාතර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජිකයන්ට විවිධාකාරයෙන් සහය දක්වා ඇති බවට හඳුනාගෙන තිබේ.

මාතර බන්ධනාගාරයේ සිර මැදිරි තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ නොමැති රැඳවූවන් පිරිසක් හා එහි රඳවා සිටින අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් අතර මීට පෙරදී ඇති වූ ගැටුමේදී මෙම නිලධාරීන් පස්දෙනා එම අපරාධ කල්ලි සාමාජිකයන්ගේ පැත්ත ගෙන ඔවුන්ගේ දූෂිත ක්‍රියාකාරකම්වලට සහය ලබා දෙමින් විවිධ වංචා දූෂණවලට සම්බන්ධව ඇති බවට එම බුද්ධි ඒකකය තොරතුරු හෙළි කරගෙන ඇත.

එම අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් මෙම නිලධාරීන්ගේ ගිණුම්වලට මුදල් බැර වී තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago