ලොවම බියපත් කරමින් ව්‍යාප්තිය වේගවත් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගනී – ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරයි !

243 Views
1 Min Read

නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබ‍ඳ ආරක්ෂක ඒජන්සිය බිය පළ කර ඇත්තේ මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවය.

එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ EG.5.1 හෙවත් Eris යන නමිනි.

මෙය ‘කොවිඩ් 19’ ඔමික්‍රෝන් වයිරසයේ උප ප්‍රභේදයක් බව පැවැසෙයි.

එක්සත් රාජධානියේ, Eris වයිරස ව්‍යාප්තිය ගැන තමන් ද විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ජුලි 22සිට සතියක කාලයක් තුළ කොවිඩ් ආසදිතයින්ගේ රෝහල්ගතවීම් 12.1%කින් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍යය දත්ත වාර්තා සඳහන් කොට තිබේ.  

Share This Article
Leave a comment