කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාව හදිසියේම තර කරයි!

482 Views
1 Min Read

බණ්ඩාරනායක ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපලෙහි ආරක්ෂාව තර කර තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, නීතිවිරෝධී වීසා භාවිත කරමින් විදෙස් ගත වන ලාංකීකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ‌මෙය ක්‍රියාවට නංවා ඇති බවයි.

මෙලෙස රටින් පිටුවහල් වීමට උත්සහ කළ කාන්තාවක් ඇතුළු හත් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කළ බව සඳහන්.

එහි පාලක ජනරාල්වරයා හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ, මොවුන් සියලු දෙනා උතුරු පළාතේ පදිංචිකරුවන් වන බවයි.

මොවුන් යුරෝපයට සංක්‍රමණය වීම සඳහා රුපියල් මිලියන ක් දක්වා ගාස්තු ගෙවීමක් සිදු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා. ‌

මෙම පිරිස තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය සහ වියට්නාමය ඇතුළු නැගෙනහිර ආසියානු රටවල් සඳහා සංක්‍රමණය වනවා.

එහි සිට බෝට්ටුවක් හෝ යාත්‍රාවක් මාර්ගයෙන් යුරෝපය බලා ගමන් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

තම දෙපාර්තමේන්තුව සතුව දක්ෂ පුහුණු නිලධාරින් සිටින බැවින් මිනිස් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පැය 24ම අවධානයෙන් පසුවන බවත් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළා.

මෙම මිනිස් ජාවාරම් කටයුතු සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපළෙහි ඇතැම් නිලධාරින්ගේ සහයෝගය ලැබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Share This Article
Leave a comment