Local

රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකාවක් ආහාරයට ගත් චොක්ලට් එකක් තුළ තිබි මිනිස් මහපට ඇඟිල්ලක කොටසක් හමුවෙයි (PHOTOS)

මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ලක“ කොටසක් ඊයේ (05) දහවල් හමු වී ඇති අතර පසු ඒ පිළිබඳව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට ලක් කෙරිණි.

මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ ඛාණ්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාදන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාණ්ඩයේ චොක්ලට් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.

රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරණයේ තබා ඊයේ (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුනත්, අදාළ චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදී ද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේ දි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත.

ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් ‍වෛද්‍ය අධිකාරිවරයා හට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි.

ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇයට වමනය ද සිදුව ඇති බවට පැවසේ. සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්ධව, එලැබෙන (07) දින සදුදා මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පියවර ගනු ලැබේ.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරිනිය මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි. එහිදී සිදු කළ පරීක්ෂණයක දී එම නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක පවසා තිබෙනවා.

ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago