කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර තිබෙන බව පොලීසිය පවසනවා.
ඒ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන්.
ඒ අනුව අද රාත්‍රී 09.00 සිට හෙට (06) අලුයම 03.00 දක්වා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල සිට කෑගල්ල දක්වා ගමන් කළ හැකියි.
කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් මැදගොඩ මාර්ගයේ රුවන්වැල්ල, පනාපිටිය, පරුස්සැල්ල හරහා යටියන්තොට හැටන් දක්වා ගමන් කළ හැකි වනවා.
කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික අසළ පෙරහැර අද (05) රාත්‍රියේ එම දේවාලය අසලින් ආරම්භ වී වැන්දල විහාරස්ථානය දක්වා කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…