Local

විශ්ව විද්‍යාල සිසුවියක් නේවාසිකාගාරයේ දී සියදිවි හානි කරගනියි !

යාපනය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙළ වැළලාගෙන ඊයේ (03) දා මියගොස් තිබෙනවා.

මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියක් වන අතර යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුලදී මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමඟ මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇති අතර ඔවුන් එහි නොමැති අවස්ථාවක් බලා සිසුවිය ලණුවකින් බාල්කයේ එල්ලි සිය දිවි හානිකරගෙන ඇති බවයි.

මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

10 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago