ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
අද (අගෝ. 4) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද මෙරට ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ත්, එමගින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත්, ඔහු ඊයේ සඳහන් කළේ, අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු කරන බව ය.
ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල අමරිකානු ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.
ලිට්රෝ ගෑස් සමාගම අවසන් වරට කළ මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා දැමූ අතර එහි එය මේ වන විට වෙළෙඳපොළේ රු. 2,982ක මිලකට අලෙවි වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…