Entertainment

“මතුවෙන්න – The Diamond Story” – ජය ශ්‍රී ලා රුවිත තුරුම්පුව අදියි (VIDEO)

ජය ශ්‍රී ලගේ ගීත අපි බොහෝවිට දකින්නේ ප්‍රසංග වේදිකාව තුළදීයි.

ඒත්, ජය ශ්‍රී අයියා මලෝ පහුගියදා ඔවුන්ගේ නවතම ගීත නිර්මාණය, ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ඔවුන්ගේ YouTube නාලිකාවට එක්කර තිබුණා.

මේ ගීතය විශේෂ වෙන්නේ අපේකම වගේම ලංකාවේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන ගීතයක් නිසයි.

‘නොවෙනස් බැඳීම් යළි මතුවන්නට
මතක සිහින අතරින්
කවදත් කොතැනත් රුවිත විඳින්නට
නොමැත කිසි භේදයක්
ජයපැන් බොන්නට
හිතවත් වෙන්නට
අනාගතය දකිනා
යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැ‍ඳෙනා’

හැකියාවන් සඟවා නොඉඳ ඔපමට්ටම් ‍කෙරුණු දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගෙන නැගී සිටින්නට මේ ගීතයෙන් ජය ශ්‍රී ලා තාරුණ්‍යයට ආරාධනා කරනවා.

මුළු ලෝකයම ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ වෙන්නැයි ඔවුන් පවසනවා.

සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් හැඩවුණු මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත රැසක සංගීත නිර්මාපකයා වෙන රැප්සිලා (සාරංග දිනේෂ්). දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ ලංකාවේ සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවකදී මෙහි රූපගත කිරීම් කරලා තිබුණා.

මේ ඩයමන්ඩ් ගීතය පුරා දැකගන්නට ලැබෙන සුවිශේෂ සංකේතය වෙන්නේ ‘ඩයමන්ඩ්’. ගීතය ආරම්භයේ ඉඳන් එහි අවසාන‍ය වනතෙක්ම මේ ඩයමන්ඩ් සංකේත දැකගන්න පුළුවන්.

මේ සංකේත වලින් කියන පණිවිඩය මොකක්ද කියන එක ගැනත් ජය ශ්‍රී රසිකයින් විමසලා තිබුණා.

මතුවෙන්න, පණදෙන්න, රුවි‍තේ, විඳගන්න.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago