Local

පරාක්‍රම සමුද්‍රයේ වතුර වහ කළ ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයට උසාවියෙන් දඩ !

පොලොන්නරුව අභය භූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇල ආසන්නයට සුදුඅරලිය හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා විසිතුරු මාළු ටැංකියේ කළු පැහැති අපවිත්‍ර ජලය, භූගත නලයක් මගින් බැහැර කිරීම ඇතුළු චෝදනා පහක් යටතේ අත්අඩංගුවට ගත් සුදු අරලිය හෝටලයේ කළමනාකාරවරයා පොලොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 03 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 75,000 ක දඩයක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් යු. ඒ. එච්. කේ. වික්‍රමරත්න නියෝග කළේය.

මෙම දඩ මුදල ගෙවන ලෙසට නියම වූයේ 2023 මැයි 31 වෙනිදා වනවිට සුදු අරලිය හෝටලයේ කළමනාකාරවරයා ලෙස සේවයේ නියතු ගාල්ල, ඉඳුරුව, බෙන්තොට, අංක 467/ ඒ ලිපිනයේ පදිංචි හේවායලාගේ චතුරංග දිනුෂ ගුණසේන යන අයට බව පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි.

පොලොන්නරුව වනජීවි වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ගූගල් සිතියමට අනුව තෙප්පන් ඇළට අපවිත්‍ර ජලය නිකුත් කරන අයුරු

හෝටලයේ සේවකයන් විසින් දෛනිකව මෙය සිදුකර ඇති බවත්, එම වරද පිළිගන්නා බවත්, යළි එම වැරදි, සේවකයන්ගෙන් සිදු නොවන බවට කළමනාකාරවරයා අධිකරණයේ පොරොන්දු වූ බවද වන සත්ත්ව ආරක්ෂක නිලධාරී විජේකෝන් සඳහන් කළේය.

ඒ අනුව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සුදුඅරලිය හෝටලය මගින් අපවිත්‍ර ජලය සහ කළු පැහැ ජලය යළි මුදා හරින්නේ දැයි කරන පරීක්ෂාවෙන් අනතුරුව එවැනි අපවිත්‍ර ජලය භූගත නල මගින් තෙප්පන්වැවට මුදා නොහරින බවට නිරීක්ෂණය වූ බවට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවද කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී කීවේය.

මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබාගන්න ජල මණ්ඩලය මීටර් 500 ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවද පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

12 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago