Local

නාමල් රාජපක්ෂගේ මගුලෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක් – විදුලි බල මණ්ඩලය නිකුත් කරපු නිවේදනය මෙන්න !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබාදී තිබූ විදුලි සැපයුමට අදාලව මෙලෙස මුදල් ගෙවීම පැහැර හැර තිබේ.

හිටපු ජනාධිපතිවරයා 2029 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම මණ්ඩලය කියයි.

එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නාමැති බව ද විදුලිබල මණ්ඩලයේ වාණිජ හා ආයතනින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වී. වී. ජනෙත් ලිඛිතව පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල මණ්ඩලය මේ බව සඳහන් කර ඇත.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago