ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකු වන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මියගොස් තිබෙනවා.
ඔහු ජනවාරි 17 තම දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමඟ ඉන්දුනීසියාවේ සංචාරයට පිටත්ව ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මෙම ව්‍යාපාරිකයාගේ සහෝදරිය සැම දිනකම ඔහුට දූරකථන ඇමතුමක් ගන්නා අතර ජනවාරි 31 දුරකථන ඇමතුම නොගත් නිසා ඇය මෙම ව්‍යාපාරිකයා සිටි හෝටලයට දන්වා ඇත්තේ ඔහු පිළිබඳව සොයා බලන ලෙසයි.
එවිට හෝටල් සේවකයෙකු සඳහන් කර ඇත්තේ ඔවුන් නතර වී සිටි කාමරය තුළ ඔහුගේ මළ සිරුර තිබි සොයා ගත් බවයි.
මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර මාස 08කට පසුව, පසුගිය (01) කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට ගෙන්වා තිබෙනවා.
මේ වනවිට මළ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මීගමුව පොලිසිය විසින් සිදුකෙරේ.
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…
ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…
2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…
හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…
කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…