Local

ජල ගාස්තුව නිසා කඩ කෑමත් මිල නගියි !

ජල ගාස්තු සියයට 50ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන වර්ගවලද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ ආපන ශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ආහාර පාන වර්ගවල මිල අසීමිත ලෙසට ඉහළ දැමීමට යෝජනා නොකරන අතර මෙම තත්වය පිළිබඳ පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අසේල සම්පත් ප්‍රකාශ කළා. ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයන් සතියකට දින 5ක් ස්නානය කළේ නම් ඉදිරියේදී නෑමට සිදුවන්නේ දින දෙකක් පමණක් වන අතර එමගින් සේවකයන්ගේ පිරිසිදු භාවය පිළිබඳව ද ගැටලුවක් මතුවන බව ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago