ජල ගාස්තු සියයට 50ක පමණ ප්රමාණයකින් ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන වර්ගවලද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩි වන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.
මෙවැනි තත්ත්වයක් තුළ ආපන ශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ද ලබා නොදීමට සිදුවන බවයි ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ආහාර පාන වර්ගවල මිල අසීමිත ලෙසට ඉහළ දැමීමට යෝජනා නොකරන අතර මෙම තත්වය පිළිබඳ පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද අසේල සම්පත් ප්රකාශ කළා. ආපන ශාලාවේ සේවය කරනු ලබන සේවකයන් සතියකට දින 5ක් ස්නානය කළේ නම් ඉදිරියේදී නෑමට සිදුවන්නේ දින දෙකක් පමණක් වන අතර එමගින් සේවකයන්ගේ පිරිසිදු භාවය පිළිබඳව ද ගැටලුවක් මතුවන බව ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙනවා.