Local

වේයන්ගොඩ පාපතර පුතෙක් පොහොය දිනයේම වැදූ මව එපා කියලා (VIDEO)

වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව ඊයේ (01) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුහු දෙදෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙනවා.

වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල්ගෙවා ඇත.

නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල්ගස්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ළඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙන්.

නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙණෙහිළිකම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත. සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ.

එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර භාර ගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය.

වේයන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කළත් ඉන් පලක් නොවීය.

අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.

අදාල සිදුවීමට අදාල දර්ශන පහතින් (දර්ශන උපුටා ගැනීම – දසත ලංකා),

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago