Local

රාජ්‍ය නිලධාරින් පිරිසකට කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරයි !

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවට අනුයුක්තව ක්ෂේත්‍රගත රාජකාරි සිදු කරන සෑම රජයේ නිලධාරියකුම සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින්.

මේ සඳහා සාමාන්‍ය රජයේ නිලධාරින්ගේ කාර්යාල වේලාවන් අදාළ වන බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය මඟින් පැමිණීම සනාථ කළ යුතු බවත් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්.

ඔවුන් සතියේ සඳුදා සහ බදාදා යන දිනවල තම සේවා ස්ථානයේ රැඳි සිටිය යුතුයි. සෙසු දින තුනේ දී ක්ෂේත්‍රයට යෑමට පෙර කාර්යාලයට වාර්තා කර විධිමත් පරිදි බැහැර යෑමේ ලේඛනය මඟින් නම් කරනු ලැබූ මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුමැතිය ලබා ගත යුතු වනවා.

දිස්ත්‍රික්ක සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සුදුසු පරිදි අනුමත කිරීම් සිදු කිරීමට පත්කර ඇති මෙම මාණ්ඩලික නිලධාරින්ට එම ලේකම්වරුන් බලය පැවැරිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.

ඉතා කලාතුරකින් නොවැළැක්විය හැකි අවස්ථාවක දී පමණක් බලධාරියා පෞද්ගලිකව සෑහීමකට පත්වන්නේ නම් පෙර දිනයේ රාජකාරි නිවාඩු අනුමත කරගත හැකියි.

ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බව ද එහි සඳහන්.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

8 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago