Local

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා තවත් බලතල පවරා ගනී !

අමාත්‍යාංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවැරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති, නාගරික සංවර්ධන හා නිවාස, ප්‍රවාහන හා මහාමාර්ග, වැවිලි කර්මාන්ත, කෘෂිකර්ම, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල විෂය පථ සංශෝධනය කෙරෙනු ඇති.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ජාතික යන්ත්‍රෝපකරණ ආයතන සහ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ගෙන තිබෙනවා.

ජාතික යන්ත්‍රෝපකරණ ආයතන මීට පෙර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති අතර සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් විෂය හිමිව තිබුණේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශටයි.

ත්‍රිපෝෂ සහ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු රට තුළ වගා කිරීම සඳහා කටයුතු කිරීම යන අයිතමය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

එය මීට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ශීර්ෂයට ඇතුළත් කර තිබුණා. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට පුනරුත්ථාපන කාර්යාංශය පනත ඇතුළත් කර තිබීමත් විශේෂත්වයක්.

උචිත තාක්ෂණය උපයෝගි කර ගනිමින් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇති බවට ගැසට් නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් එම අමාත්‍යාංශයේ විෂය පථයට පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත සහ වෙරළ සංරක්ෂණ පනත ඇතුළත් කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත සහ ගාලු උරුමය පනත ඇතුළත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago