සීතාවක ඔඩිසි දුම්රිය ලබන සති අන්තයේ සිට සෙනසුරාදා දිනයේද ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලයේ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දුන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සීතාවක ඔඩිසි දුම්රිය මේ දක්වා ධාවනය කෙරුණේ සෑම සති අන්තයකම ඉරිදා දිනයේ පමණයි.
කොළඹ කොටුවේ සිට කැලණිවැලි මාර්ගයේ වග දුම්රිය ස්ථානය දක්වා එය ධාවනය කෙරෙන අතර ඒ සඳහා පැය 2යි විනාඩි 20ක කාලයක් ගතවනවා.
දුම්රිය ස්ථාන 14ක සීතාවක ඔඩිසි දුම්රිය නතර කෙරෙන අතර අදාළ නැවතුම් ස්ථානයන්හී සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය සඳහන් කළේ.
නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…
කළුතර දිස්ත්‍රික්කයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර…
දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු වන Neil McKenzie ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා පරිගණක හදිසි…
නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) ආරම්භ වන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියෙන් වනිඳු හසරංගව ඉවත්කර…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ හා හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක්…