ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
එම පුද්ගලයා, උසස් නිලධාරියෙක්ව සහ දුම්රිය මගීන් තිදෙනෙක්ව ඝාතනය කර ඇති බවත් ඊට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇත.
ඝාතනය කර ඇති මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.