කොළඹ ජාතික රෝහලේ රුපියල් කෝටි දහතුනක හිඟ විදුලි බිලෙන් රුපියල් කෝටි දොළහක් අද (28 වැනිදා) විදුලිබල මණ්ඩලයට පියවයි.
එම රුපියල් කෝටි දොළහක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ ( 27 වැනිදා) ජාතික රෝහලට ලබා දුන්නේ ය.
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් හතක රුපියල් කෝටි දහසයක හිඟ විදුලි බිල් පවතින බව අනාවරණය වූ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්විණි. ඉහත මුදල ලබා දීමට තීරණය කර ඇත්තේ එම සාකච්ඡාවේ දී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස 2ක කාලයක් සඳහා විසන්ධි නොකිරීෙම් සහතිකය ලංකා විදුලිබල මණ්ඩලය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව මෙම සහතිකය ලබා දී ඇත.
කොළඹ ජාතික රෝහල, ද සොයිසා කාන්තා රෝහල, ශ්‍රී ලංකා ජාතික දන්ත රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය, ජාතික අක්ෂි රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල එම රෝහල් හතක රුපියල් කෝටි දහසයකට ආසන්න හිඟ විදුලිය බිල කඩිනමින් ගෙවීමට අපොහොසත් වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් හතක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…