අස්වැසුම ප්රතිලාභ හිමිකම්ලාභීන්ට එම ප්රතිලාභ ලබා ගැනීම සඳහා ගිණුම් විවෘත කිරීම සඳහා වන අයදුම්පත භාරදීම සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන සිට මෙම පුද්ගලයා පෝලිමේ රැඳී සිට ඇති අතර, එහිදී එක්වරම බිම ඇද වැටී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නමුණුකුල වතුයායේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක්.
කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි ඇල්ල පොලිසිය තවදුරටත් කියා සිටියේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…