ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ කළේ, පසුගිය 18 වනදා විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ශිෂ්‍යයින් අතර ඇතිවු මතභේදාත්මක තත්ත්වයකට ඔවුන් සම්බන්ධ බවට සාක්ෂි ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
ඒ අනුව ඊට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එම ශිෂ්‍යයින් 14 දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ආචාර්ය සහ මහාචාර්යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.
එහි වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස තමා උපදෙස් දුන් බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 (T20) ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක…
එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු…
හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන්…
විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සති හයකින් පමණ…