ඊයේ (20) යාපනය විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්රධානෝත්සවයේ දී හඬා වැටෙමින් සිය පුත්‍රයාගේ උපාධි සහතිකය ලබා ගත් සිංහල මවකගේ වේදනාව මුළු සභා ගර්භයම කම්පනයට පත් කළේය.
එවකට යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපය පැවති කාල වකවානුවේ දී මෙම මවගේ පුතා වන දිසානායක මුදියන්සේලාගේ හෂාන් සාගර දිසානායක උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව යතුරු පැදි අනතුරකින් මිය ගියේය. ඒ ඔහු ජීවත් වූ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී ය.
ඔහු උපාධි පරීක්ෂණය සමත් වී සිටියේය. ජීවතුන් අතර නැති ඔහු වෙනුවෙන් උපාධි සහතිකය ලබා ගැනීමට මව පැමිණ සිටියා ය.
සිසුවාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමගම වේදනාව දරාගත නොහැකි මව ඉකි ගසමින් හඩා වැටෙන්නට වූවාය.
සභා ගර්භයේ සිටි සියලු දෙනාගේ හදවත් මොහොතකට නැවතී තිබිනි. ශිෂ්‍යාගේ සහෝදර සිසුහු ද ඒ අවස්ථාවේ දී කදුළු සලමින් හඩා වැටෙමින් සිටියහ.
මේ සංවේදී මොහොතේ එම මවට සිය පුතුගේ උපාධි සහතිකය ලබා ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර සහතිකය ප්‍රධානය කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී. පද්මනාදන් එම මව සමග කතා කොට ඇයව අස්වසනු ලැබීය.
-ලංකාසර-