රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 30 දෙනෙකුගෙන් බැඳුම්කර ගිවිසුම් කඩවිම මත අයවිය යුතු රුපියල් පහළොස් කෝටි හෑත්තෑ නව ලක්ෂ පනස් තුන්දහස් දෙසිය හැට එකක (157,953,261) මුදලක් ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකරගැනිමට නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2006, 2008, සහ 2018 යන වර්ෂවලදී ගිවිසුම් කඩවීම මත මෙකී මුදල මෙම ආචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලයට අයවිමට තිබු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙකී මුදල කඩිනමින් අයකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මුදල් අයකිරීම සිදුකරමින් පවතින බවත් මුදල් නොගෙවන අචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවය.
රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…