රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 30කගෙන් කෝටි 15ක පොල්ලක් – විගණනය හෙළි කරයි !

459 Views
1 Min Read

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 30 දෙනෙකුගෙන් බැඳුම්කර ගිවිසුම් කඩවිම මත අයවිය යුතු රුපියල් පහළොස් කෝටි හෑත්තෑ නව ලක්ෂ පනස් තුන්දහස් දෙසිය හැට එකක (157,953,261) මුදලක් ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකරගැනිමට නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

2006, 2008, සහ 2018 යන වර්ෂවලදී ගිවිසුම් කඩවීම මත මෙකී මුදල මෙම ආචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලයට අයවිමට තිබු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී මුදල කඩිනමින් අයකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මුදල් අයකිරීම සිදුකරමින් පවතින බවත් මුදල් නොගෙවන අචාර්යවරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවය.

රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Share This Article
Leave a comment