කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නතර කිරීමට සිදුවන බව සඳහන් කරමින් එම රෝහලේ අධ්යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වෙනවා.
ඒ සිසේරියන් සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය එන්නතක් (Heavy Marcaine) නොමැතිවීම හේතුවෙන්.
එම රෝහලේ පසුගිය 11 දා පවත්වා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ රැස්වීමකදී අණාවරණය වී ඇත්තේ අදාළ එන්නත් වලින් රෝහල සතුව ඇත්තේ මාත්‍රා 17ක් පමණක් බවයි.
එය රෝහලේ අවශ්‍යතාවයෙන් දින දෙකකට පමණක් ප්‍රමාණවත් තොගයක් බවයි සඳහන් වන්නේ.
මේ අනුව අදාළ එන්නත් නොමැතිවීම හේතුවෙන් සිසේරියන් සැත්කම් සිදුකිරීම නවතා දැමීමටත් සිසේරියන් සැත්කම් සඳහා රෝහල වෙත ඇතුළත් වෙන මව්වරුන් වෙනත් රෝහල්වෙත මාරු කිරිමටත් සිදුව ඇති බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන බවට වාර්තා වෙනවා.