අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මරදාන පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය දිසා අධිකරණය අසල දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අදාළවයි. කුලියාපිටිය දිසා අධිකරණයේ ගොනු කර තිබූ රිය අනතුරක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවකට අදාළව පැමිණිලිකරුට වාසි සහගත වන ආකාරයට අධිකරණයේ දී සාක්ෂි ලබාදීමට මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා විසින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.
එම මුදල ලබාගන්නා අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් එම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…