Cricket

ආසියානු කුසලානයේ තරග කාලසටහන සහ තරගාවලියේ ආකෘතිය නිවේදනය කෙරේ !

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් අද (19) නිවේදනය කළා.

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මීට පෙර තරගාවලිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරග දෙකක් වන බංග්ලාදේශ – ඇෆ්ඝනිස්තාන තරගය හා ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගය ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සුපිරි 4 වටයේ පළමු තරගය ද ලාහෝර් හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

සුපිරි 4 වටයේ සෙසු සියලු තරග කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

පාකිස්තානය, ඉන්දියාව හා නේපාලය A කාණ්ඩයෙන් ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය B කාණ්ඩයෙන් ද තරග වැදීමට නියමිතව තිබෙනවා.

එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ ඒ කණ්ඩායම් මූලික වටයේ දී කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද, පාකිස්තානය A1 ලෙසත්, ඉන්දියාව A2 ලෙසත් සුපිරි 4 වටයේ දී සැලකීමට නියමිතයි.

ශ්‍රී ලංකාව B1 ලෙසත්, බංග්ලාදේශය B2 ලෙසත් සලකනවා. පාකිස්ථානය හෝ ඉන්දියාව වෙනුවට A කාණ්ඩයෙන් නේපාලය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගතහොත් සුපිරි 4 වටයට සුදුසුකම් නොලබන රටට හිමි අංකය ( A1 හෝ A2) නේපාලයට හිමි වනු ඇති.

B කාණ්ඩයට ද එය එලෙසම වලංගු වනවා. ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ගතහොත් එම කණ්ඩායම් දෙක සැප්තැම්බර් 10 වැනිදා කොළඹ දී යළි තරග වැදීමට නියමිතයි.

තරග කාලසටහන –

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago