Local

කටුගහහේන රෝහලේ නේවාසික ප්‍රතිකාර නවතී !

මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනකු අසනීප වීම නිසා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කිරීමට තීරණය කර ඇත. මෙම රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් සමන්විත වුවද ඉන් එක් වෛද්‍යවරියක් ස්ථාන මාරු වීම් ලබා ගොස් ඇති අතර තවත් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වන බවට ලිපියක් ලබා දී තිබේ.

තවත් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අසනීප වී ලෙඩ නිවාඩු දමා ඇත.

වෛද්‍යවරුන් සිවුදෙනකුගේ සේවය දින 9ක් පුරා දිවා රාත්‍රි නොකඩවා සිදුකළ ප්‍රධාන වෛද්‍ය රංජිත් දිසානායකද අසනීප වී පෙරේදා (16) නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ නිසා බාහිර රෝගී අංශයේ පමණක් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන අතර නේවාසික ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇත.

මේ පිළිබඳව කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ තාවකාලිකව මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කළ බවය.

කෙසේ වෙතත් මෙම රෝහලේ දිනකට රෝගීන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බාහිර රෝගී අංශයේ දිනකට රෝගීන් 150ක් පමණ ප්‍රතිකාර ලබන බව පැවසේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago