Education

නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තු සියයට 170 කින් ඉහළ දමයි !

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව සියයට 170 කින් පමණ ඉහළ නංවා ඇති බවට සිසුන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවර විභාග ගාස්තුව 16,200 දක්වා වැඩි කර ඇති බවයි. පසුගිය වසරේ ඒ සඳහා රුපියල් 6000 ක් පමණ අය කළ බව සඳහන්.

මෙවර විභාග ගාස්තුව ලෙස රුපියල් 1200 ක් අය කිරීමටයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් නීති විද්‍යාල ගාස්තු ලෙස රුපියල් 15,000ක් අය කරනු ලබනවා.

2024 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් අද (16) පෙරවරු 9.00 සිට අගෝස්තු මස 16 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකියි.

විභාග අයදුම්පත් www.doenets.lk අඩවියෙන් ලබා ගත හැකි බවයි නීතිවිද්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

පුවත්පත් දැන්වීම
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago