Local

ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම් – පදක්කම් දිනූ තරඟ ඉසව් මෙන්න (VIDEO)

ශ්‍රී ලංකාව 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් සමඟින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති හොඳම දක්ෂතාවය ලෙස ඉතිහාස ගත වනවා.

මීට පෙර 2007 වසරේ ශ්‍රී ලංකාව රන් 3 රිදී 2 සහ ලෝකඩ පදක්කම් 2ක් ලබා තිබෙනවා.

මේ අතර ආසියානු මළල ක්‍රීඩා උළලේ අද දිනයේ පැවති තරඟවලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි වුණා.

මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

එහි දක්ෂතාව විනාඩි 2 දශම 6යි 6ක්. එමෙන්ම මෙම දක්ෂතාවය ආසියානු මළල ක්‍රීඩා උළෙලක මෙම ඉසව්වේ හොදම දක්ෂතාව ලෙසද සටහන් වන්නේ වසර 25ක පැරණි වාර්තාවක් බිද හෙළමින්.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න දිනා ගත්තේ විනාඩි 2 දශම 2 යි 5ක දක්ෂතාවයක් සහිතවයි.

මේ අතර කාන්තා මීටර 400 ය 04 සහය දිවීමේ තරඟාවලියේදී රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවුණා. ඒ සඳහා වාර්තා කළ කාලය විනාඩි 03 යි තත්පර 33 යි දශම 2 යි 7 ක්.

නදීශා රාමනායක, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න එම ඉසව්ව නියෝජනය කරමින් මෙම රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නා.

එමෙන්ම මීටර 400 ය 04 පිරිමි ඉසවිවේ රන් පදක්කම නව තරගාවලි වාර්තාවක් සහ ජාතික වාර්තාවක් සහිතව හිමිකර ගැනීමට ඔවුන් සමත් වුණා.

එහිදී ඔවුන්ගේ දක්ෂතාව විනාඩි 3 තත්පර 1යි දශම 56 ක්. අරුණ දර්ශන, රජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.

Asian athletics championships 2023 medal table
Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago