පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (13) නිවේදනය කළා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම සංචිතයට පළමුව නම් කර තිබුණ ද, ඔහුට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඔහු වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ඩිල්ෂාන් මදුෂංක සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ටෙස්ට් වරම් දිනා නොමැති දග පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මනසිංහ ද සංචිතයට ඇතුළත්.
නිරෝෂන් දික්වැල්ල මෙම සංචිතයට ද ඇතුළත් කර නොමැති අතර, ඒ අනුව අයර්ලන්තයට එරෙහි තරගාවලියේ දී කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කළ සධීර සමරවික්‍රම පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ද කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරනු ඇති.
පැතුම් නිස්සංක හා ප්‍රවීන් ජයවික්‍රම යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, මිලාන් රත්නායකට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…